සයුරෙන් එතෙර

චීනයට අනතුරු ඇඟවීමක්

March 20, 2025   04:31 pm

තායිවානය සමග ආතතීන් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙස  යුරෝපීය රටක් වන ස්විට්සර්ලන්තය චීනයෙන් ඉල්ලා තිබේ.

ඉකුත් මාසය පුරා තායිවානයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ චීනය සිදුකරන ලද අඛණ්ඩ හමුදා අභ්‍යාසවලින් අනතුරුව ස්විට්සර්ලන්තය චීනයට මෙම දැනුම්දීම සිදු කර ඇතැයි සඳහන් ය.

හමුදා අභ්‍යාසවලින් පසුව ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍යවරයා චීන බලධාරීන්ට සහ ස්විට්සර්ලන්තයේ චීන තානාපති කාර්යාලයට මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිවාන් පුවත් සේවය වාර්තා කරන්නේ ස්විට්සර්ලන්තයේ මෙම පණිවුඩය හරහා තායිවාන සමුද්‍ර සන්ධියේ උපායමාර්ගික වැදගත්කම ඉස්මතු කරන බවය.