සයුරෙන් එතෙර
කිසිඳු බෙදුම්වාදයකට අනාගතයක් නැහැ - ටෝනි ඇබට්
March 19, 2025 03:59 pm
කිසිඳු බෙදුම්වාදයකට අනාගතයක් නොමැති බව හිටපු ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පවසයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ අන්තවාදය පිළිබඳව අදහස් දක්වමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෝනි ඇබට් එහිදී ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ.
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා වර්ධනය කිරීම තමාට අවශ්‍ය බවද ඔහු පවසා ඇත.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉන්දු පැසිෆික් කලාපයේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නීතියේ ආධිපත්‍යයට සහ සාමකාමී සහජීවනයට මෙන්ම හිරිහැරයට එරෙහිව එකට නැගී සිටීමේ වැදගත්කමද හිටපු අගමැතිවරයා පෙන්වා දුන් බවය.