Clean Sri Lanka යටතේ පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ

Clean Sri Lanka යටතේ පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ

March 11, 2025   04:32 pm

රජය විසින් ක්‍රියාත්මක කරන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව තෝරාගත් පාසල් දහසක් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.

ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගයෙනි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 20 දින ආරම්භ කෙරුණු මෙම පාසල් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර ඊයේ (10) වැනි දින දක්වා වූ කාලය තුළ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් පාසල් 432ක් ගුවන් හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් පාසල් 34ක් සහ නාවික හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් පාසල් 21ක් පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.