ආහාර ආසාත්මිකතාවයක් හේතුවෙන් පාසල් සිසුන් පිරිසක් රෝහලට
March 11, 2025 04:25 pm
කරදියනාරු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
අදාළ පාසලේ ආපන ශාලාවෙන් සහ පාසලට පිටතින් ඇති වෙළෙඳසැලකින් ආහාර ලබා ගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් අදාළ ළමුන් රෝහල් ගත කර ඇති බව සඳහන්ය.
ඒ අනුව ළමුන් 50දෙනෙකු පමණ ආසාත්මික තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කර ඇත.
කෙසේවෙතත් ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.