කැස්බෑ බිත්තර විකුණන ජාවාරම්කරුවන් උකුස්සා රටටම හෙළිකරයි
February 25, 2025 08:42 pm
ලෝකයේ වටිනාම සත්ත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙන, මේ වනවිට වඳවී යාමේ තර්ජනයට පවා ලක්වී සිටින කැස්බෑවුන්ගේ බිත්තර විකීණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මාතර ප්‍රදේශයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා වුණි
උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවය.
වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති සත්ත්වයෙක් වීම නිසාම
කැස්බෑවා වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත මගින් නම්කර ඇත්තේ ආරක්ෂිත සත්ත්වයෙක් ලෙසය.
එම පනතට අනුව කැස්බෑවන් මැරීම, මැරීම සඳහා ප්‍රවාහනය කිරීම, බිත්තර ඇතුළු කැස්බෑවාගේ ඕනෑම ශරීර කොටසක් විකිණීම හෝ විකිණීමට ළඟ තබාගැනීම නීතිවිරෝධී ක්‍රියාවකි.
ලෝකය පුරා සිටින කැස්බෑ විශේෂ 7න් 5ක්ම ශ්‍රී ලංකාවේ දක්නට ලැබුණද, මෙම සත්ත්වයින්ගේ වටිනාකම තුට්ටුවකට හෝ මායිම් නොකර කැස්බෑ බිත්තර විකිණීමේ ජාවාරම් රට තුළ ක්‍රියාත්මකය.
එවන් ජාවාරමක් සම්බන්ධයෙන් මිරිස්ස අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් මාතර දික්වැල්ල වෙරළ තීරයට ගියේ අද දෙරණ උකුස්සා ද සමගය.
කැස්බෑවුන් බිත්තර දැමීම සඳහා පැමිණ තිබූ මාර්ග, පියසටහන් ඔස්සේ නිරීක්ෂණය කිරීමේදී අපට දක්නට ලැබුණේ එම බිත්තර කවරෙකු හෝ විසින් සොරාගෙන ඇති ආකාරයයි.
එහිදී සූක්ෂමව ඔවුන් වෙත ළඟාවූ නිලධාරීන්, ඔවුන්ගෙන් බිත්තර සම්බන්ධයෙන් තොරතුරු විමසූවේ සංචාරකයින් ලෙසිනි.
තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළේය.
අනතුරුව තහවුරු වූයේ මෙම බිත්තර Green turtle
නම් කැස්බෑ විශේෂයට අයත් ඒවා බවය.
වැටලීමේදී සොයාගත් කැස්බෑ බිත්තර 200කට ආසන්න ප්‍රමාණයක් සංරක්ෂණ මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගැනුණි.
මිහිමත ජීවත්වීමට අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව සිතමින් ලෝකයටම වටිනා සම්පත් විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමට අද දෙරණ උකුස්සා සීරුවෙනි.