කතරගමට සංවර්ධනයේ අරුණලු
February 1, 2025 06:34 pm
කතරගම දේවාලයේ මූලිකත්වයෙන් කතරගම නගරය සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.
පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සහ බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල සහයෝගය ඇතිව මෙම සංවර්ධන කටයුතු වල ප්‍රථම අදියර මේ දිනවල ක්‍රියාත්මක වේ.
කතරගම නගරයේ කලක පටන් අබලන්ව පැවතුණු පදික වේදිකා සහ රථ ගාල් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම අවදානම් සහිත ගස් ඉවත් කර ඒ වෙනුවට නව ගස් රෝපණය කිරීම ද මෙම සංවර්ධන කටයුතුවලට සමගාමීව සිදු කරනු ලබයි.