
තායිවානයට අත්‍යවශ්‍ය අන්තර්ජාල පහසුකම් සපයන මුහුද යටින් දිවෙන රැහැනකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ සිද්ධියට සම්බන්ධ බවට මේ වනවිට සැක කරන්නේ චීනයට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් සම්බන්ධයෙනි.
තායිවාන වෙරළාරක්ෂක බළකාය ඒ බව අනාවරණය කර ඇත.
හානියට පත් කේබලය, දකුණු කොරියාව, ජපානය, චීනය සහ එක්සත් ජනපදයට ද සම්බන්ධ වන අතර, තායිවානයේ සම්බන්ධතාව පවත්වා ගැනීමට උපකාර වන ෆයිබර් ඔප්ටික් කේබල් රැසකින් එකකි.

















































