ශිවාජිලිංගම් රෝහල්ගත කෙරේ

ශිවාජිලිංගම් රෝහල්ගත කෙරේ

December 11, 2024   11:11 am

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ඇති බව ඥාතීහූ පවසති.

දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ශිවාජිලිංගම් මහතා පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්විණ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත්වු ඒ මහතා, පසුගිය දා උතුරේ මහවිරු සැමරුම් පවත්වමින් කේක් කැපීමේ සිදුවීම රට තුළ මහත් කතාබහට ලක්වුණි.