තැන තැන සිදුවන ඝාතන
December 11, 2024 10:36 am
දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.
ජාඇළ ප්‍රදේශයේ දී බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.
වෙෙළඳසැල් සේවකයින් දෙදෙනෙකු විවේක කාමරයේ මත්පැන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇතැයි සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වුණි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර ලග්ගල පොලිස් වසමේ ලකේගල ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත.
එලෙස මියගොස් ඇත්තේ, ලකේගල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවකි.
මෘත ශරීරය ලග්ගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.