සම්බාහන මධ්‍යස්ථානවලට කඩාපනින අමුතු හොරු
December 9, 2024 11:04 am
සොරාගත් යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ රැගෙන සම්බාහන ආයතනවලට කඩාවැදී එහි රැඳී සිටින තරුණියන්ගේ දේපොළ කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
ඒ අතර යතුරුපැදී සොරාගෙන ඒ සඳහා ලබාදුන් සේදවත්තේ ජම්බෝ නමැත්තා ද සිටින බව පොලීසිය කියයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්‍යයට පළාගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සේදවත්තේ කසුන් නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.
සැකකරුවන් එලෙස කොල්ලකෑමට යොදාගෙන තිබූ, ඉකුත් සැප්තැම්බර් මාසයේදී කොස්ගම පොලිස් වසමෙන් සොරාගත් යතුරුපැදියක්ද පොලීසිය මඟින් සොයාගෙන ඇත.
ඝාතන සිද්ධීන් රැසකට යොදාගත් යතුරුපැදී සහ ත්‍රිරෝද රථ කිහිපයක් සේදවත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සුඛෝපභෝගී නිවසක සඟවා තිබෙන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව මීට දින කිහිපයකට ඉහතදී එම නිවස වටලා යතුරුපැදි තුනක් ත්‍රිරෝද රථ තුනක් සමඟ එම ජාවාරම්කරුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය කීය.
එම අවස්ථාවේ සේදවත්තේ කසුන් නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයාට ලබාදුන් දුරකථන සංවාදයකට සවන් දුන් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස තොටලග, මෝදර උයන නිවාස සංකීර්ණයේදී එම කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් මාස කිහිපය තුළ තලංගම, පෑලියගොඩ සහ මිරිහාන පොලිස් වසම්වල සම්බාහන ආයතනවලට යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ රැගෙන කඩාවැදී එහි රැඳී සිටි තරුණියන්ගේ දේපොළ කොල්ලකෑම් සිදුකළේ තවත් පුද්ගලයෙකු එක්ව සමග බවත් ඒ සඳහා සේදවත්තේ ජම්බෝ නැමැත්තා යතුරුපැදි සොරාගෙන ලබාදුන් බවත් පොලීසියට අනාවරණ කර තිබුණි.
ඒ අනුව එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඒ මොහොතේම මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද සොරාගත් යතුරුපැදි සන්තකයේ තබා ගත් පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සඳහන් ය.