මූල්‍ය වංචාවකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට 

මූල්‍ය වංචාවකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට 

December 6, 2024   09:12 am

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය හරහා මුදල් උපයාගත හැකි බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇත.

රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් සැකකරු විසින් එලෙස ගිණුම්ගත කරවා වංචාව සිදුකර ඇති බව පැවසෙයි.

එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර ඊයේ (05) දින වංචාවට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන දිගන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.