header logo
Vallibel FD
උණුසුම් පුවත්
ගම්මන්පිලගේ වුවමනාව ඇමති විජිත හෙළිකරයි - කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැති බවත් කියයි
Oct 22, 202411:14 AM
ගම්මන්පිලගේ වුවමනාව ඇමති විජිත හෙළිකරයි - කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැති බවත් කියයි
Mobitel 1278

කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා කියා සිටියේය.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවය.

පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාති බව හොඳින් දන්නා බවත්, විවිධ අවශ්‍යතා ඇති අයට ඔවුන්ව තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ප්‍රශ්නය - අපරාධයකට ළඟින් හෝ යන අයෙක් යම් තනතුරකට පත්කර නීති කටයුතු සිදුකරන්නේ නෑනේ. ඔබතුමා හිතන්නේ නැද්ද මේ පත්කිරීම නොකර මේක ඉවර කරලාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වෙනත් නිලධාරීන් පත්කරලා, මේක කරගෙන යන්න තිබුණා කියලා.

"ඉතා පැහැදිලිවම මේ පරීක්ෂණ අපක්ෂපාතිව පවත්වාගෙන ගියේ එවකට CID හිටපු රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණා පළමු දඩයම කළේ ශානි අබේසේකරව එතැනින් ඉවත් කළ එක. ඒක අපි දන්නවා. පරීක්ෂණවලට බාධා කළේ දේශපාලන අධිකාරිය. අපි එහෙම බාධා කරන්නේ නෑ. අපි පරීක්ෂණ කරගෙන යනවා. ඔය පරීක්ෂණ කරන්නේම ඔතැනින් මේක ගලවන්න. ගම්මන්පිල ප්‍රශ්න කරන එකේ වාර්තාවේ විවිධ අයගේ නම් තියෙනවා. ඒ අය ගැන ගම්මන්පිල ප්‍රශ්න කරන්නේ නෑ. ගම්මන්පිලට ඕනේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නව මෙතැනින් ඉවත් කරන්න. අපි ඒක කරන්නේ. ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ..."

මෙම කමිටු වාර්තාවේ පැහැදිලි ඉලක්කය වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නොවෙයි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරු ව. මීට පෙර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබ්බා...තීන්දු දුන්නා. හිටපු ජනාධිපතිවරයා ට විරුද්ධව, නිලන්ත ජයවර්ධන ට විරුද්ධව, හිටපු පොලිස්පතිවරයාට විරුද්ධව තීන්දු දුන්නා. ඒ නඩුවේ ශානි අබේසේකර මහත්තයාගේ නම සඳහන් වෙලා තිබුණේ නෑ. ඒ නඩුවේ රවී සෙනෙවිරත්නගේ නම සඳහන් වුණා. හැබැයි නඩු තීන්දුවේ කිසිදු තැනක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනෙකුගෙන් යුක්ත පූර්ණ විනිසුරු මණ්ඩලයක විභාග කළ නඩු වාර්තාවේ රවී සෙනෙවිරත්න මහත්මයා කිසිදු චෝදනාවකට වරදකරුවෙක් වුණේ නැහැ. ඒ තීන්දුවේ ඔහුගේ නමවත් සඳහන් වෙලා නෑ. ඉතින් එහෙම තියෙද්දී තමයි මේ හදිස්සියේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ කටයුතු ආරම්භ කරපු ගමන් සාගල රත්නායක රවී සෙනෙවිරත්න ව මුණ ගැහිලා තමන්ගේ කටයුතු සඳහා සහාය දෙන්න මෙතැනින් ඉවත්වෙන්න කියලා ඉල්ලීමකුත් කරලා තියෙන තත්ත්වයක් යටතේ දැන් මේ කමිටුවක් පත්කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

ඒ වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පිළිබඳවත් තවත් විවිධ අයත් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ගම්මන්පිලට ඒවා පෙන්නේ නෑ. ඒවා දකින්නේ නෑ. දැන් මේ මෙච්චර කාලයක් නිදාගෙන ඉඳලා..ඔහු ආණ්ඩුවේ අමාත්‍යධුර දැරුවා. විපක්ෂයේ හිටියා. ඒ මොකක්වත් නැතිව දැන් මේ වුවමනාව කාගේද කියලා පැහැදිලියිනෙ හරියටම ජන්ද ප්‍රචාරක කටයුතු ඉවරවෙන්නේ සැප්තැම්බර් 18, 17 තමයි මේ වාර්තාව ලබා දෙන්නේ. මේක නිකම්ම නිකම් කමිටු වාර්තාවක්."

ඊයේ මාධ්‍ය හමුවේ විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් කමිටු වාර්තාවේ 40 වැනි පිටුවේ අඩංගු කරුණු උපුටා දක්වමින් ගම්මන්පිල මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස රවී සෙනෙවිරත්න මහතාව නම් කර ඇති බවයි.

එබැවින් ඔහුව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසුවේ එම කමිටුව දේශපාලන අවශ්‍යතා මත පිහිටවූ බවයි.

එබැවින් එම කමිටු වාර්තා රජය පිළිනොගන්නා බව ඔහු පැවසීය.

"ජනක ද සිල්වා කොමිසම් වාර්තාවේ කිසි තැනක රවී සෙනෙවිරත්න මහත්මයා ව වරදකරුවෙක් කරලා නෑ. එහෙම තියෙද්දී තමයි හිතා මතා මේ වගේ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නිර්දේශ ඒ විදියටම අපි පිළිගන්නේ නෑ. රජයක් විදියට මේ දේශපාලන වුවමනාවට පත්කරපු විෂමාචාර චෝදනාවලට ලක්වෙච්ච හිටපු මහාධිකරණ විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ සම්බන්ධකරගෙන පත්කරපු වික්‍රමසිංහ ගේ මේ දේශපාලන පළිගැනීමේ ඉලක්ක කරගෙන පිහිටවපු මේ කමිටුව අපි පිළිගන්නේ නෑ. ඒ නිසා අපි රජයක් විදියට ඉතා වගකීමෙන් යුක්තව මේ සියලුම වාර්තාවල තියෙන කරුණු සහිතව පූර්ණ විමර්ශනයක් සහිත නව පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් අපි මේ අසාධාරණයට ලක්වෙච්ච වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්නත් මේ රටේ නීතිය ස්ථාපිත කරන්න අවශ්‍ය පියවර ගන්නත් වගකීම් සහගතව කටයුතු කරනවා...මට කියන්න කනගාටුයි මම මේවා කියන්න හිටියේ නෑ.

මේ විනිසුරුතුමිය ගැන මේවා අපි කියන්න හිටිය දේවල් නොවෙයි. නමුත් එතුමිය මේ වගේ මරාල කර ගහන්න හදනකොට තේරුම් ගන්න ඕනේ මේ අනුන්ගේ පව් කරගහන්න ගිහිල්ලා වෙන තත්ත්වය. ඉතින් මේ වගේ කමිටුවලින් දෙන වාර්තා අපිනම් කොහෙත්ම පිළිගන්නේ නෑ. ගම්මන්පිල මහත්තයා උස්සන්ගියාට අපිට කරන්න දෙයක් නෑ. අපි මේ පිළිබඳව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් කරලා කවුරුහරි නිලධාරියෙක් ඒ වගකීම් පැහැර හැරලා තියෙනවා නම් අපිට ඒකෙ තරාතිරමක් නැහැ. ඒකෙ හංගන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම ඕනෑම පුද්ගලයෙක් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් මෙතන වැරද්දක් කරලා තියෙනවා නම් එය සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයකින් අපි අනිවාර්යේන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි ඒකට පැකිලෙන්නේ නෑ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana