කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට - දෙදෙනෙක් අත්අඩංගුවට

කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට - දෙදෙනෙක් අත්අඩංගුවට

October 16, 2024   12:45 pm

අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල ට ඇතුළත් කර තිබු බවයි.

එම කාන්තාව 49 හැවිරිදි මුගුණුවටවන පදිංචිකාරිනියකි.

මෙම මරණය සම්බන්ධයෙන් එම කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයෙක් ව සහ එම අවස්ථාවේ මාර්ගයේ මෝටර් රථයකින් ගමන්කළ පුද්ගලයෙක් ව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.