15 හැවිරිදි දියණියව කෙළෙසූ පියාට වසර 19ක සිරදඬුවමක්

15 හැවිරිදි දියණියව කෙළෙසූ පියාට වසර 19ක සිරදඬුවමක්

October 14, 2024   01:47 pm

බාල වයස්කාර තම දියණියව දුෂණය කළ බව කියන සැකකරුවෙකුට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 02ක දඩයක් පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කර තිබේ.‍

මහාධිකරණ විනිසුරුවරිය විසින් දඩුවම් නියම කර ඇත්තේ, ආණමඩුව, ඌරියාව - අන්දරවැව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු හටය.

2006 වසරේ එවකට 15 හැවිරිදි වියේ පසු වූ තම දියණියව දුෂණය කරන ලද යැයි මෙම සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

එම චෝදනාවන්ට සැකකරුව වැරදිකරු කළ මහාධිකරණ විනිසුරුවරිය ඔහුට දඬුවම් නියම කළ අතර සැකකරුට පනවා ඇති රුපියල් ලක්ෂ 02ක දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ද මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කර ඇත.