ශිෂ්‍යත්ව විභාග ගැටලුවට සජබයෙන් යෝජනාවක්
September 30, 2024 10:21 pm
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ බරපතළ ගැටලුව විසඳීමට සහ විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරයි.
'5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම' යනුවෙන් සඳහන් කරමින් විශේෂ නිවේදනයක් යොමුකරමින් ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත.
එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ අනාගතයේ දී මෙවැනි සිදුවීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම ඉතා කනගාටුදායක සිදුවීමක් බවත්, මේ නිසා සිසුන් සහ දෙමාපියන් යන පාර්ශ්ව දෙකම ඉතා කලකිරීමට පත්ව තිබෙන බවත් එහි දක්වා ඇත.
එම නිවේදනය පහතින්,