ලක්ෂ්මන් නිපුණආරච්චි ගේ නම ගැසට් කෙරේ

ලක්ෂ්මන් නිපුණආරච්චි ගේ නම ගැසට් කෙරේ

September 23, 2024   04:54 pm

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් මෙලෙස ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා පත්කර ඇත.

2020 මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මනාප ඡන්ද 13, 384ක් හිමිකරගෙන තිබුණි.