ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ සචිත්‍රා

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ සචිත්‍රා

September 1, 2024   01:07 pm

පසුගියදා ස්වීඩනයේ පැවති ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට සචිත්‍රා හර්ෂනී ජයකාන්ත සමත් වූවාය.

ඇය එම දක්ෂතාවය දැක්වූයේ කාන්තා වයස අවුරුදු 40-44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙනි.

එහිදී ඇය මීටර් 5.24 දුර පැන තිබුණි.

සචිත්‍රා ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන්නීය.

පසුගිය අගෝස්තු 13 සිය 25 වනදා දක්වා මෙම මාස්ටර්ස් තරගාවලිය පැවැත්වුණි.

ඊට රටවල් 119ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 14 දෙනෙක් එක්වී තිබුණි.