නීතිය අතට ගත් කොන්දොස්තර

නීතිය අතට ගත් කොන්දොස්තර

August 31, 2024   09:17 pm

වේගයෙන් ධාවනය වූ බස් රථයක් සෙමින් ධාවනය කරන ලෙස ඉල්ලීමක් කළ මගියෙකුට කොන්දොස්තරවරයෙකු පහරදී තිබේ.

එලෙස අද (31) පෙරවරුවේ එම පහරදීම සිදුකර තිබුණේ මාර්ග අංක 163 දෙහිවල - විදේශ සේවා බස් රථයක සිටි කොන්දොස්තරවරයෙකි.

අදාළ කොන්දොස්තරවරයා එම මගියාට පරුෂ වචනයෙන් බැණ පහරදී ප්‍රතිචාර දක්වන අයුරු ජංගම දුරකථනයක පටිගත කර තිබුණි.

පසුව පහරදීම දීම සිදුකළ අදාළ කොන්දොස්තරවරයා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.