හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

May 20, 2024   09:05 pm

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කරයි.

ඒ අනුව හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.