රතුපස්වල නඩු තීන්දුව අද

රතුපස්වල නඩු තීන්දුව අද

May 17, 2024   08:58 am

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.