ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !
April 13, 2024 09:05 pm
2024 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (13) රාත්‍රී 09.05ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.
ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 11.06 ටය.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද මධ්‍යම රාත්‍රී 12.06ටය.
