ග්‍රහලෝකාගාරය හෙට සිට වසා දැමේ
February 26, 2024 03:27 pm
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඒ අනුව හෙට (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත.
එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත.
