UPI මුදල් හුවමාරු ක්‍රමවේදය එළිදැක්වෙයි

UPI මුදල් හුවමාරු ක්‍රමවේදය එළිදැක්වෙයි

February 12, 2024   01:02 pm

ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ එළිදැක්වීමේ කටයුතු කොළඹදී අද සිදුකෙරිණි.

ඒ අනුව UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය, මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

මෙම ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ද QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලියට සම්බන්ධ විය හැකිය.

මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම සඳහා වෙළෙඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදුකෙරිණි.

2024 මාර්තු මාසය වනවිට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත ය.

එහි සජීව දර්ශන ඉහතින් දැක්වේ.