රජයේ වියදම් පාලනය අපේක්ෂා කළ අන්දමට සාර්ථක වී නෑ...

රජයේ වියදම් පාලනය අපේක්ෂා කළ අන්දමට සාර්ථක වී නෑ...

February 12, 2024   11:25 am

රජයේ වියදම පසුගිය වසරේදී රුපියල් බිලියන 1,300කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රජය පසුගිය වසරේදී අපේක්ෂා කළ වියදම් පාලනය සාර්ථක වී නොමැති බවය.

"2023 වර්ෂය තුළ රජය ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළා රජයේ ආදායම වැඩි කරගැනීම මෙන්ම වියදම යම් ආකාරයකට පාලනය කර ගන්න. 2023 පළවෙනි මාස 11 තුළ ඉදිරිපත් කරලා තියෙන දත්ත විශේලේශනය කරලා බලනකොට අපට පැහැදිලි වෙනවා, රජයට අරමුණ කරා යාමට හැකි වෙලා නෑ කියලා. රජයේ බදු ආදායම වැඩි වෙලා තියෙන්නේ රුපියල බිලයන 900කට ආසන්න ප්‍රමාණයකින් නමුත් වියදම වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 1,300කට ආසන්න ප්‍රමාණයකින්. 2022ට සාපේක්ෂව බලනකොට රුපියල් බිලියන 1‍,300ක පමණ වැඩිවීමක්. මේ වැඩිවීම තුළ අපි දකිනවා මාසයක් තුළ රජයේ වියදම වැඩි වෙලා තියෙනවා, රුපියල් බිලියන 125කට ආසන්න ප්‍රමාණයකින්. දිනකට රජයේ වියදම වැඩි වෙලා තියෙවා රුපියල් බිලියන 4කට ආසන්න ප්‍රමාණයකින්."