අලුත් ප්‍රවණතාවයක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

අලුත් ප්‍රවණතාවයක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

February 12, 2024   09:02 am

විෂ මත්ද්‍රව්‍ය සමාජයේ හිඟවීම හේතුවෙන් පුද්ගලයින් මත් පෙති භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි.

පොලීසිය විසින් සිදුකළ මුලික විමර්ශනවලදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා,

"පසුගිය දිනවල මත්පෙති 363,438ක් අපි පොලිස් භාරයට ගත්තා පසුගිය කාලසීමාව තුළ. විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා හා සමානව ඊට කලින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදිලා යම් යම් අධිකරණවල නඩු පවරලා, නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින සැකකරුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඔවුන්වත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා මේ මෙහෙයුම හරහා."