කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

February 12, 2024   06:19 am

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා ‍දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා ‍දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.