ඇෆ්ගනිස්තානයට ලොකු ඉලක්කයක්

ඇෆ්ගනිස්තානයට ලොකු ඉලක්කයක්

February 11, 2024   06:12 pm

දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 74කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 97ක් රැස්කරගත්තේය.

නායක කුසල් මෙන්ඩිස් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.

සදීර සමරවික්‍රම අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 3ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.

නවක ක්‍රීඩක ජනිත් ලියනගේ අද තරගයේදී සිය දෙවන එක්දින අර්ධ ශතකය රැස්කිරීම ද විශේෂත්වයකි.

පන්දු යැවීමේදී අස්මතුල්ලා ඔමර්සායි කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

පසල්හක් ෆරූකි, නූර් අහමඩ්, ක්වයිස් අහමඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තේය.