19න් පහළ අවසන් සටනේ ඉලක්කය මෙන්න
February 11, 2024 05:10 pm
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අවසන් තරගය මේ වනවිට දකුණු අප්‍රිකාවේ Benoni හිදී පැවැත්වෙයි.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා 19න් පහළ ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කර ගැනීමට සමත්විය.
අගනා පිතිහරඹයක නියැලුණු Harjas Singh පන්දු 64කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 55ක් රැස්කරගත්තේය.
නායක Hugh Weibgen ලකුණු 48ක් රැස්කරගත් අතර Harry Dixon ලකුණු 42ක් රැස්කර ගත්තේය.
අවසානයේ කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට එසැවීමේ බර කරට ගත් Oliver Peake ආරක්ෂාකාරීව ඉනිමක් ගොඩනැංවීමට සමත්විය.
පන්දු 43කදී ලකුණු 46ක් රැස්කරගත් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් විය.
අගනා පන්දු යැවීමක නිරතවූ Raj Limbani පන්දුවාර 10ක් යොමුකරමින් ඔස්ට්‍රේලියාවේ කඩුලු ක් දවාගැනීමට සමත්විය.
Naman Tiwari කඩුලු ක් දවාගත් අතර Saumy Pandey සහ Musheer Khan එක් කඩුල්ල බැගින් දවාගත්තේය.