කංසා අඩංගු නිෂ්පාදන ගැන ආයුර්වේද වෛද්‍යවරු කළ ඉල්ලීම

කංසා අඩංගු නිෂ්පාදන ගැන ආයුර්වේද වෛද්‍යවරු කළ ඉල්ලීම

February 11, 2024   04:14 pm

දේශිය වෛද්‍යරු ඉල්ලා සිටින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් භාරයට නොගන්නා ලෙසය. 

මාධ්‍ය හමුවක් පවත්වමින් ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මහතා එම ඉල්ලීම කළේය.

"නීත්‍යනුකූල බලය ලත් ඖෂධ වන මදනමෝදකය සහ කාමේෂ්වර මෝදකය වගේ ඖෂධ පවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සේ සළකා අත්අඩංගුවට ගන්නවා. නීත්‍යනුකූලව පිළිගත් දෙයක් මත්ද්‍රව්‍ය ලෙස තීරණය කිරීමෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට කරන යම්කිසි හානියක් වෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල අනුමැතිය ඇති කණ්ඩායම්වලට අගතියක් නොවන පරිදි නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. එසේ නොමැතිනම් ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා වැඩපිළිවෙළක් හදන්න කංසා අඩංගු ඖෂධ අත්අඩංගුවට ගැනීම සිදුකරනවානම්."