දියේ ගිලී අතුරුදන් වීමක්

දියේ ගිලී අතුරුදන් වීමක්

February 11, 2024   08:12 am

තලාතුඔය - හාරගම - ගෝනවත්ත ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් ව තිබේ.

ඊයේ (10) සවස් කාලයේ දී එම සිද්ධිය වාර්තා වූ බව තලාතුඔය පොලීසිය පවසයි.

එසේ දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ, ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මහනුවර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් හා ප්‍රදේශවාසින් එක් ව අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු සිදු කරන බව සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.