පොලිස් නිලධාරියා ට මරු කැඳවූ මාරකය

පොලිස් නිලධාරියා ට මරු කැඳවූ මාරකය

February 11, 2024   07:56 am

පල්ලම, නන්දිමිත්ත්‍ර පාසල අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10) උදෑසන කාලයේදී හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇත.

යතුරුපැදිකරු අනතුරින් බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, 2 කණුව, රිදිබැඳිඇල්ල ප්‍රදේශයේ පදිංචි හලාවත පොලිස් ස්ථානයට අනුයුක්ත රාජිකාරි කළ 23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කටුනායක, ඇවරියවත්ත, මල්ගස් හංදිය මාර්ගයේ BOI ක්‍රීඩාංගණය අසලදී  වෑන් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, කටුනායක ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගයෙකි.

මේ අතර හයිෆෙරස්ට් වත්ත 02 කෙටස කඳපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු බරපතළ තුවාල සහිතව මාර්ගයේ වැටී සිටින බවට හයිෆෙරස්ට් පොලිස් ස්ථානයට තොරුතුක් ලැබී තිබුණි.

එහිදී සිදුකළ විමර්ශනයේදී තුවාල ලබා සිටි පුද්ගලයා මියගොස් ඇති බවට නිරික්ෂණය වී ඇත.

මරණකරු කඳපොළ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

නුවරඑළිය ප්‍රදේශයේ ඇඟලුම් කාර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන ලද බස් රථයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.