‍ජනවාරි මස තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487ක්

‍ජනවාරි මස තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487ක්

February 11, 2024   07:12 am

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබේ.

එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව සියයට 11.4ක වැඩි වීමක් බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ‍විදෙස්ගත ව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට අමෙරිරිකානු ඩොලර් මිලියන 437.5ක් එවා තිබිණි.

මේ අතර, පෙබරවාරි මාසයේ පළමු දින 08 තුළ පමණක් විදෙස් සංචාරකයන් 60,122 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 268‍,375 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැඩි ම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 42,768කි.

ඊට අමතර ව රුසියාවෙන් සංචාරකයන් 39,914ක්, බ්‍රිතාන්‍යයෙන් 22,278ක් සහ ජර්මනියෙන් සංචාරකයන් 18,016 දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වේ.