ජනපති දිවයිනට
February 11, 2024 06:34 am
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ය.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 309 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වැනි දින රාත්‍රියේ ඕස්ට්‍රෙලියාව බලා පිටත් ව ගියේ ය.
ජනාධිපතිවරයා සිය සංචාරය තුළ 07 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා ද පවත්වනු ලැබීය.