සයුරෙන් එතෙර
මාංශ සඳහා සුනඛයින් ඝාතනය තහනම් කරමින් දකුණු කොරියාවෙන් නීතියක්
January 9, 2024 09:08 pm
2027 වසර වනවිට මාංශ වෙනුවෙන් සුනඛයින් ඝාතනය කිරීම සහ අලෙවි කිරීම තහනම් කිරීමේ නව නීතියක් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබේ.
ඒ සුනඛ මස් ආහාරයට ගැනීමට සියවස් ගණනාවක් තිස්සේ එරට ජනතාව අතර ඇති පෙළඹීම අවසන් කිරීමේ අරමුණිනි.
ඒ අනුව, මාංශ වෙනුවෙන් සුනඛයින් ඝාතනය කරන පුද්ගලයින්ට වසර 3 දක්වා වූ සිරදඬුවමක් නියම වන අතර සුනඛ මාංශ අලෙවි කරන අයට උපරිම වසර 2ක් දක්වා වූ සිරදඬුවම් නියම වනු ඇත.