අධිවේගී මාර්ගවල ආදායමේ ඉහළ යාමක්
December 24, 2023 10:19 pm
අධිවේගී මාර්ගවල දෙසැම්බර් 23 වැනි දා ආදායම 40%කින් පමණ වැඩි වී තිබේ.
අධිවේගී මාර්ගයේ 22 වැනි දා වාහන 140,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම රුපියල් 46,457,600ක් පමණ වන බව වාර්තා වේ.
23 වැනි දා වාහන 145,503ක් පමණ ගමන් කර ඇති අතර, එහි ආදායම රුපියල් 50,174,550ක් පමණ වන බව සඳහන්ය.
ඒ අනුව 23 වැනි දා ආදායම මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම ආදායම වන අතර, එය සාමාන්‍ය දිනක ආදායම මෙන් 40%ක පමණ වැඩි වීමක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.