ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි
November 21, 2023 05:32 pm
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට රණ්දෙණිය ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.
ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බධා එල්ලවී ඇත.
විශාල ගස්, ගල් සමග එම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇත බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට පැය භාගයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම බධා එල්ලවී තිබුණි.
මේ වනවිට මාර්ගයෙන් පස් ඉවත් කර එක් මංතීරුවක් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අද රාත්‍රි කාලයේ සහ වර්ෂාපතනය සහිත අවස්ථාවලදී මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට ප්‍රවේශම් වන ලෙස ද පොලීසියෙන් ඉල්ලීමක් කරයි.