ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම ගැන අද ඇසුණු ඛේදනීයම කතාව

ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම ගැන අද ඇසුණු ඛේදනීයම කතාව

November 20, 2023   02:14 pm

පසුගිය වසරේ මෙරට වගාකළ හැකි ආහාර භෝග රාශියක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

එම ආහාර භෝග ආනයනය සඳහා ඩොලර් මිලියන 295ක වියදමක් රජය දරා ඇති බවද අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙලෙස ආනයනය කර ඇති එම ආහාර භෝග අතර කිරි අල සහ මංඤ්ඤොක්කාද ඇති බව දුටු තමන් පුදුමයට පත්වූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ එම භෝග වර්ග අතර සුදු ලූණු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, අන්නාසි, මෑ කරල් සහ මුං ඇට ද ඇති බවය.

මෙම ප්‍රකාශය සිදුකරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇමතිවරු පම්පෝරි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල් භාවිත කර සිය යුතුකම ඉටුකිරීමට වගබලා ගන්නා ලෙසටය.