ගංවතුර අනතුරු ඇඟවීම දිර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීම දිර්ඝ කෙරේ

November 20, 2023   11:22 am

දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඉදිරි පැය 24 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට හා මාර්ගවල ගමන් ගන්නා අයට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.