සජිත් ගේ චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

සජිත් ගේ චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

November 19, 2023   12:53 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර පවතින සන්නිවේදනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු වශයෙන්, පවතින අපහසුතා සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින බවයි.