නෙදර්ලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

October 6, 2023   05:43 pm

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, නෙදර්ලන්තය හා පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කර ගැනීමට සමත් විය.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් සහ සවුඩ් ශකීල් ලකුණු 68 බැගින් රැස් කළහ.

පන්දු යැවීමේ දී ඩි ලීඩ් ලකුණු 62කට කඩුලු 04ක් ලබා ගත්තේය. 

ඒ අනුව ජයග්‍රහණය සඳහා නෙදර්ලන්තයට පන්දු වාරයක් සඳහා 5.84ක ලකුණු වේගයක් පවත්වාගත යුතු වේ.