මාරක අනතුරු දෙකක්
September 26, 2023 07:39 am
සන්දිවේලි සහ කඩුවෙල පොලිස් වසම්වලදී සිදුවූ රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තරුණයෙකු මියගොස් තිබේ.
ඊයේ (25) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
සන්දිවේලි පොලිස් වසමේ මඩකලපුව - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ පරංගියාමඩු ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු සන්දිවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇත.
එසේ මියගොස් ඇත්තේ, 26 හැවිරිදි වාලව්වේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර කඩුවෙල හංවැල්ල - කොළඹ මාර්ගයේ කඩුවෙල නගරය ආසන්නයේදී ලොරි රථයක් පදික මාරුව මතින් ගමන්කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව බියගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ, 50 හැවිරිදි රණාල ප්‍රදේශයේ පදිංචිකාරියකි.