මුදල් ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි
September 25, 2023 11:00 am
වීරකැටිය, රන්න මාර්ගයේ තලුන්න හන්දියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
ඊයේ (24) සවස 5ට පමණ එම ඝාතනය සිදුකර ඇත.
පොලීසිය පැවසුවේ මෙසේ ඝාතනය කර ඇත්තේ රන්න කහදමෝදර පදිංචි සතිස් දිලංක නැමති 34 හැවිරිදි පුද්ගලයෙක් බවය.
ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුව අත්අඩංගුවට ගෙන නොමැති අතර හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පොලීසිය පවසන්නේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය.