රත්‍රන් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
September 15, 2023 09:01 am
නීතිවිරෝධි ලෙස රන් භාණ්ඩ තොගයක් රැගෙන දිවයිනට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි අදාළ කාන්තාව පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී කිලෝ 1යි ග්‍රෑම් 748ක රන් ආභරණ තොගයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදුන් බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.