
කොළඹ රිජ්වේ ළමා රෝහලේ සිදුකරන ලද වකුගඩු සැත්කමක් වැරදීමෙන් පසුගියදා මියගිය තුන් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදුකෙරුණි.
කොළඹ රිජ්වේ ළමා රෝහලේ සිදුකරන ලද වකුගඩු සැත්කමක් වැරදීමෙන් වයස අවුරුදු තුනයි මාස තුනක් වයසැති හම්දි ෆස්ලීන් නම් දරුවා ජීවිතයෙන් සමුගත්තේ ඉකුත් 27 වැනිදාය.
දරුවාගේ මෘතදේහය අපේක්ෂාවෙන් ඔහුගේ මව සහ ඥාතීන් ඊයේ මෙන්ම අදත් රෝහල වෙත පැමිණ සිටියත් එය ඔවුන් වෙත ලබාදීම ප්‍රමාද වුණි.
ඒ , දරුවා අවසන්වරට ප්‍රතිකාර ලැබූ රෝහල් වාට්ටුවෙන් ලැබිය යුතු වාර්තා කිහිපයක ප්‍රමාදයක් හේතුවෙන් බව දරුවාගේ ඥාතීන් පැවසුවේය.
මියගිය හම්දි ෆස්ලීන්ගේ මව,
"ඊයේ ගියා අධිකරණයට යන්න එහෙට යන්න මෙහෙට යන්න රස්තියාදු කළා. ඊට පස්සේ අද ගන්න පුළුවන් කියලා උදේම ආවා මෙතනට. ඒ වුණාට තාම මගේ ළමයා මට දුන්නේ නෑ. දවස් 4ක්ම දැන් එයාව ශීතකරණේ දාලා තියෙන්නේ"
කෙසේවෙතත් අද පස්වරුව වනවිට දරුවාගේ දේහය රෝහලේ සිට අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනය වෙත රැගෙන ආවේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහාය.
එය අවසන් වීමෙන් පසු දරුවාගේ දේහය දෙමාපියන් වෙත භාරදුන් අතර පසුව දේහය ඔහු පදිංචිව සිටි කොටහේන නිවස වෙත රැගෙන ආවේය.
පැයකට ආසන්න කාලයක් නිවසේ තැන්පත් කර තිබුණු දේහය පසුව මාලිගාවත්ත මුස්ලිම් පොදු සුසාන භූමිය වෙත රැගෙන විත් භූමදාන කෙරුණි.
මෙම දරුවාගේ සැත්කම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීකයින්ගේ ජාතික ව්‍යාපාරය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළ කෙරුණි.

















































