පියාගේ පිහි පහරකින් දරුවකුට තුවාල
July 29, 2023 10:21 am
තම පියා විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් තුවාල ලැබූ කුඩා දරුවකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ, බොරළුවැව - රත්මල්ගස්වැව පදිංචි වයස අවුරුදු 10ක පිරිමි දරුවකු බව වාර්තා වී ඇත.
ඊයේ (28) වනදා රාත්‍රී 8.00ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර, නිවසේ ඇතිවූ ගැටුමක් අතරතුර දරුවාට පිහි පහර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
කෙසේවෙතත් සැකකාර පියාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, කොබෙයිගනේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.
