ශ්‍රී ලංකාව ට දැවැන්ත ඉලක්කයක්
January 15, 2023 05:27 pm
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තෙවන එක්දින තරගය මේ වනවිට පැවැත්වෙයි.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබා ගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ විරාත් කෝලි නොදැවී ලකුණු 166ක් රැස් කළේය.
කෝලිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් එක්විය.
ශුබ්මන් ගිල් පන්දු 93කදී ලකුණු 116ක් රැස්කළ අතර නායක රෝහිත් ෂර්මා ලකුණු 42ක් රැස්කළේය.