ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්

January 3, 2023   08:40 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කළේය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දීමටය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ විස්සයි 20 සහ එක්දින තරග සියල්ල දෙරණ මාධ්‍ය ජාලයේ නවතම යෙදවුම වන Dflix ඔස්සේ ඔබට සජීවීව නොමිලේ නැරඹිය හැකිය.