කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට සුපිරි ජයක්

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට සුපිරි ජයක්

December 18, 2022   11:06 pm

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ඕරා කණ්ඩායමට එරෙහිව ලකුණු 39ක පහසු ජයක් හිමි කරගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද (18) සමත්විය. 

තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හරසංග පළමුව පන්දුවට පහරදීමට තිරණය කළේය.

ඒ අනුව, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් අශේන් බණ්ඩාර ලකුණු 37 අතර කවින් බණ්ඩාර ලකුණු 27ක් රැස්කළේය.

පන්දු යැවීමේදී දඹුල්ල ඕරා කණ්ඩායම වෙනුවෙන් දිලුම් සුදීර සහ මැතිව් ෆෝඩ් විසින් කඩුලු 2ක බැගින් දවාගත්හ.

ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දඹුල්ල ඕරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගත හැකිවූයේ 121ක් පමණි.

දඹුල්ල ඕරා කණ්ඩායම වෙනුවෙන් Sikandar Raza ලකුණු 45ක් රැස්කළේය.