පාසල්වල තුන්වන වාරය අදින් ඇරඹේ
December 5, 2022 07:05 am
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන අධ්‍යයන වාරය අද (05) ආරම්භ වේ.
2022 වසරේ දෙවන පාසල් වාරය පසුගිය 2 වනදා අවසන් කෙරුණි.
ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට 22 වන දින දක්වා පැවැත්වෙන අතර නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි මස පළමු වන දින දක්වා යළි පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිතය.
තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 02 වනදා සිට ජනවාරි මස 20 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස 21 වන දින සිට පෙබරවාරි මස 19 වන දින දක්වා පාසල් සඳහා නිවාඩු ලබා දෙන අතර 2022 වසරේ තෙවන පාසල් වාරයේ අවසන් අදියර ලබන වසරේ පෙබරවාරි මස 20 වන දින සිට මාර්තු මස 24 වන දින දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.
