ශ්‍රී ලංකාව තනි කරන්නේ නැහැ - චීනය

ශ්‍රී ලංකාව තනි කරන්නේ නැහැ - චීනය

November 8, 2022   03:22 pm

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තම රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග පැවති හමුවකදී චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දක්වන බවට චීන තානාපති චී ශෙන්හොන් මහතා එම හමුවේදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, "ශ්‍රී ලංකාව කිසිසේත්ම තනි නොකරමි" යනුවෙන් පෙන්වා දී ඇති මෙරට චීන තානාපතිවරයා ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් මුදවාගෙන යථා තත්ත්වයට පත් කරගැනීමට අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති හමුවේදී සහතික වී තිබේ.